27.8 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදින 02කදී අධිවේගයෙන් කෝටි 07ක ආදායමක්

දින 02කදී අධිවේගයෙන් කෝටි 07ක ආදායමක්

අධිවේගී මාර්ගයේ ඉකුත් පැය 48ක කාලය තුළ රුපියල් හත්කෝටි පනස් පන් ලක්ෂ අටදහස් එකසීයක වාර්තාගත අදායමක් ලැබී ඇති බව සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එල්.වී.එස්. වීරකෝන් පවසයි.

එම කාලය තුළ වාහන 256,225ක ප්‍රමාණයක් අධිවේගී මාර්ගවල ධාවනය වී ඇති බව ද ඔහු සඳහන් කළා.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාව දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉකුත් 15 දින හා 16 දින භාවිත කිරීමෙන් මෙම ආදායම ලැබී ඇති බවයි අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ධාවනය වූ වාහන ගැටීමෙන් අධිවේගී මාර්ගයේ ස්ථාන 41 දේපළවලට අලාභ සිදුව ඇති බවත් ඔහු පැවසුවා.