― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදින 02කදී අධිවේගයෙන් කෝටි 07ක ආදායමක්

දින 02කදී අධිවේගයෙන් කෝටි 07ක ආදායමක්

අධිවේගී මාර්ගයේ ඉකුත් පැය 48ක කාලය තුළ රුපියල් හත්කෝටි පනස් පන් ලක්ෂ අටදහස් එකසීයක වාර්තාගත අදායමක් ලැබී ඇති බව සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එල්.වී.එස්. වීරකෝන් පවසයි.

එම කාලය තුළ වාහන 256,225ක ප්‍රමාණයක් අධිවේගී මාර්ගවල ධාවනය වී ඇති බව ද ඔහු සඳහන් කළා.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාව දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉකුත් 15 දින හා 16 දින භාවිත කිරීමෙන් මෙම ආදායම ලැබී ඇති බවයි අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ධාවනය වූ වාහන ගැටීමෙන් අධිවේගී මාර්ගයේ ස්ථාන 41 දේපළවලට අලාභ සිදුව ඇති බවත් ඔහු පැවසුවා.