― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsචීනයට රිලවු පැටවීම සඳහා ගොවි සංවිධානවල සහාය

චීනයට රිලවු පැටවීම සඳහා ගොවි සංවිධානවල සහාය

වගාවන්ට විශාල ලෙස හානි සිදුකරන රිලවුන්ගේ උවදුර අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගවලට දිස්ත්‍රික් සියලුම ගොවි සංවිධානවල සහයෝගය ලැබී ඇත.

සත්වෝද්‍යාන සඳහා රිලවුන් 100,000ක් ලබා දෙන ලෙස චීනය කළ ඉල්ලීම ඇතැම් පරිසර සංවිධාන සහ විවිධ පුද්ගලයන් විවේචනය කළද කෘෂිකාර්මික සංවිධාන පවසන්නේ කිසිදු පුද්ගලයකු හෝ සංවිධානයක් තම ගැටලුවලට අවධානය යොමු කර නොමැති බවයි.

වඳුරන් ඇතුළු සතුන්ගෙන් කෘෂිකාර්මික ඉඩම්වලට සිදුවන හානිය අතිවිශාල බව එම සංවිධාන පෙන්වා දී තිබේ.