28.3 C
Colombo
Saturday, May 31, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅර්ධ සුඛෝපභෝගී බස් රථවලට වෙන්න යන දේ

අර්ධ සුඛෝපභෝගී බස් රථවලට වෙන්න යන දේ

අර්ධ සුඛෝපභෝගි බස් රථ ලබන මාසයෙන් පසුව අහෝසි කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

අර්ධ සුඛෝපභෝගි බස් රථ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බවයි එහි අධ්‍යක්‍ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා සඳහන් කළේ.

අපි ක්‍රියාමාර්ගයක් ගත්තා ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි අර්ධ සුඛෝපභෝගි සේවාව සාමාන්‍ය සේවාවක් හා සුඛෝපභෝගි සේවාවක් බවට පත්කරන්න. ඒ අනුව සියලුම බස්හිමියන්ව දැනුවත් කරලා තියෙනවා තමන්ගේ බස්රථය සාමාන්‍ය සේවාවක් බවට හෝ සුඛෝපභෝගි සේවාවක් බවට පත්කරන්න කියලා. ඒ සඳහා අපි ගාස්තු අයකිරීමකින් තොරව සිදුකරනවා. මේ වනවිට බස්රථ 430ක් පමණ අර්ධ සුඛෝපභෝගී තියෙනවා. මේ වෙද්දි බස් 20ක් පමණ එවැනි සේවා සංශෝධනවලට ඉල්ලීම් ලැබිලා සිදුකරමින් පවතිනවා. දැනට සේවා සංශෝධනය මැයි මස 31 වනදා දක්වා සිදුකරන ලෙසට බස්හිමියන්ව දැනුවත් කරලා තියෙනවා.