― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅමතර කොටස් නැතිව ගුවන්යානා 05ක් කොළඹ නවතියි

අමතර කොටස් නැතිව ගුවන්යානා 05ක් කොළඹ නවතියි

එන්ජින් සහ අමතර උපාංග හිඟවීම හේතුවෙන් මාස ගණනක සිට ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු ගුවන්යානා 05ක් කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගාල් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

2017 වසරෙන් පසුව භාවිතයට ගන්නා ලද A320 එන්.ඊ.ඕ හා W321 එන්.ඊ.ඕ කාණ්ඩයේ ගුවන්යානා එහි අඩංගු වන බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු ගුවන්යානා අමතර කොටස් නොමැතිව ගාල් කර දැමීම හේතුවෙන් ගුවන් සේවයට විශාල පාඩුවක් සිදු වන බවත් එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව එයාර් බස් ගුවන් යානා 24ක් තිබෙන බවත් ඉන් යානා 12ක් දිගු දුර ගුවන් ගමන් සඳහා යොදා ගනු ලබන A330 – 200 සහ A330 – 300 කාණ්ඩයේ ගුවන්යානා වන බවත්ය.

එමෙන්ම අනෙකුත් ගුවන් යානා 12 කෙටු දුර ගුවන් ගමන් සඳහා යොදා ගනු ලබන අතර එලෙස යොදා ගනු ලබන්නේ A320, A321, A320, A321එන්.ඊ.ඕ W321 එන්.ඊ.ඕ කාණ්ඩයට අයත් ගුවන් යානා බවයි ඔහු අවදාරණය කළේ.