― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගම්පහ දිස්ත්‍රික්කයේ ගව සොරකම ඉහළට

ගම්පහ දිස්ත්‍රික්කයේ ගව සොරකම ඉහළට

ගම්පහ දිස්ත්‍රික්කයේ අඩුම තරමින් ගවයින් හයක් හෝ හතක් තරම් ප්‍රමාණයක් දිනපතා සොරකම් කරන බවට කෘෂි බලධාරීහු අවධාරණය කරති.

මෙම සතුන් දිනකට කිරි ලීටර් 15- 30 අතර ප්‍රමාණයක් ලබා දෙන එලදෙනුන් වන අතර අඩුම තරමින් මාසයකට ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් කිරිදෙනුන් 35-40 අතර ප්‍රමාණයක් සොරකම් කරන බව වාර්තා වී ඇති බව ද කෘෂි අංශ බලධාරීහු පවසති.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අන්තර් පළාත් කෘෂිකර්ම නිලධාරීන්ගේ සාකච්ඡාවක දී බස්නාහිර පළාතේ ගව සොරකම් ඉහළ යාම සම්බන්ධව පළාත් කෘෂි අංශ බලධාරීහු කරුණු ඉදිරිපත් කළේය.

විශේෂයෙන් සුඛෝපබෝගී වෑන් රථවලින් පැමිණෙන පිරිස් රාත්‍රි කාලයේ දී ගව මඩුවල බැඳ සිටින කිරිදෙනුන් මෙසේ පැහැරගෙන ගෙන යන බවද මෙම සාකච්ඡාවේ දී හෙළිදරව් විය.

මේ අන්දමින් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද ගව සොරකම් ඉහළ යමින් පවතින බව සියලු කෘෂි බලධාරීහු අවධාරණය කළේය.