― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබසයෙන් බැස පාර පනින්න ගිය පාසල් සිසුවා ලොරියට බිලිවෙයි

බසයෙන් බැස පාර පනින්න ගිය පාසල් සිසුවා ලොරියට බිලිවෙයි

පාසල ඇරී  නිවසට ඒමට  බස් රථයෙන් බැස පාර මාරුවීමට යාමේදී  පිටුපසින් පැමිණි කුඩා ලොරි රථයකට යටවී එකොලොස් හැවිරිදි සිසුවකු මියගොස් ඇතැයි හෙට්ටිපොල පොලිසිය පවසයි.

බස්රථය නැවැත්වූ අවස්ථාවේ සිසුන් කිහිප දෙනෙකුම බස්රථයේ ඉදිරිපස දොරෙන් බැස ඇති නමුත් මෙම සිසුවා බැස ඇත්තේ බස්රථයේ පටුපස දොරෙනි.

බස්රථයෙන් බැසගත් සිසුවා පාර මාරු වීමට ඉදිරියට ඇදෙනවාත් සමග පැමිණි ඩීමෝ බට්ටා රථයේ හැපී මද දුරක් රථය සමගින් ඉදිරියට ඇදී ගොස් තිබේ.

අනතුර සිදුව සුළු කාලයක් තුල සිසුවා කුලියාපිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇතත් රෝහලට ඇතුළත් කරන විටත් දරුවා මියගොස් සිට ඇත.

මෙලෙස අනතුරින් මිය ගොස් ඇත්තේ මොරගනේ මහා විද්‍යාලයේ හය (6) වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ අනුක්කන්හේන මගුලාගම පදිංචිව සිටි හිමාෂ ඉදුනිල් නමැති එකොළස් හැවිරිදි සිසුවෙකි.

අනතුර සිදුවූ ලොරි රථයේ රියදුරු දමුණුව මොරගනේ පදිංචි අයෙකු වන අතර රියදුරු සහ රථය පොලිසිය බාරයට ගෙන තිබේ.