33.4 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවාහන අලුත්වැඩියා ස්ථානයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

වාහන අලුත්වැඩියා ස්ථානයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

යාපනය, කස්තුරි විදීය ප්‍රදේශයේ පැවති වාහන අලුත්වැඩියා කරන ස්ථානයකට ඊයේ (18) රාත්‍රියේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වි ඇති බව යාපනය පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ නාදුනන පිරිසක් විසින් අදාළ ස්ථානයට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට ඇති බවයි. සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර,වාහන අලුත්වැඩියා කරන ස්ථානයේ නවතා තිබු වාහනයකට හානි සිදුව ඇති බවද පොලිසිය පැවසුවා.

කිසියම් පෞද්ගලික ආරවුලක් අදාළ බොම්බ ප්‍රහාරයට හේතුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරන අතර සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාපනය පොලිසිය කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ පවත්වයි.