― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවාහන අලුත්වැඩියා ස්ථානයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

වාහන අලුත්වැඩියා ස්ථානයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

යාපනය, කස්තුරි විදීය ප්‍රදේශයේ පැවති වාහන අලුත්වැඩියා කරන ස්ථානයකට ඊයේ (18) රාත්‍රියේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වි ඇති බව යාපනය පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ නාදුනන පිරිසක් විසින් අදාළ ස්ථානයට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට ඇති බවයි. සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර,වාහන අලුත්වැඩියා කරන ස්ථානයේ නවතා තිබු වාහනයකට හානි සිදුව ඇති බවද පොලිසිය පැවසුවා.

කිසියම් පෞද්ගලික ආරවුලක් අදාළ බොම්බ ප්‍රහාරයට හේතුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරන අතර සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාපනය පොලිසිය කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ පවත්වයි.