හෙට්ටිපොල, මූණමල්දෙණිය – කටුපොත මාර්ගයේ අංගමුව ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (18) එම අනතුර සිදුව ඇති අතර කටුපොත දෙස සිට මූණමල්දෙණිය දෙසට ධාවනය වූ ලංගම බස් රථයකින් පාසල නිමවී පැමිණි සිසුවෙකු බසයෙන් බැස පාර මාරුවීමට යාමේදී කටුපොත දෙසට ධාවනය වූ කුඩා ලොරි රථයක සිසුවා ගැටී එම අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුවා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.