27.8 C
Colombo
Friday, August 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපදමට සූර් වී ආ පුතා අතින් පියා එළොව යයි

පදමට සූර් වී ආ පුතා අතින් පියා එළොව යයි

කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේදී පුත්‍රයා සිදුකළ පහරදීමකින් පියෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසූවේ බීමතින් පැමිණි පුතා විසින් අද (19) අලුයම පියාට සිදු කළ පහරදීමකින් මෙම මරණය සිදු වී ඇති බවයි. මියගොස් ඇත්තේ 66 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකාර පුත්‍රයා විසින් 60 හැවිරිදි මවට ද පහරදී තුවාල සිදුකොට ඇති අතර ඇය ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. මියගිය පුද්ගලයාගේ මළ සිරුර මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමු කිරීමට නියමිතයි.

සිද්ධියට අදාළ සැකකාර 22 හැවිරිදි පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති තිබෙනවා. ඔහු අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහිව සිට ඇති බවටයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.