27.2 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරොස්වුඩ් වත්තේ සුද්දා අත්අඩංගුවට

රොස්වුඩ් වත්තේ සුද්දා අත්අඩංගුවට

හොරණ නගරයේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට තරුණයන් පිරිසක් පැමිණි වෑන් රථයක් තුළ තිබූ රුපියල් ලක්ෂයකට අධික වටිනා ජංගම දුරකතනයක්, විදේශීය මුදල් තොගයක් සහ ශබ්දවාහිනී යන්ත්‍රයක් සොරාගත් ‘රොස්වුඩ් වත්තේ සුද්දා’ ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර සොරබඩු විකිණීම සඳහා රැගෙන ගිය පුද්ගලයා සහ මිලදී ගත් පුද්ගලයාද වන බවයි.

පසුගිය අප්‍රේල් 8 වැනිදා සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් හොරණ නගරයේ පැවති සංගීත දර්ශනය සහ සැණකෙළිය නැරඹීම සඳහා පැමිණි වෑන් රථයක් නවතා තිබියදී ප්‍රධාන සැකකරු වන රොස්වුඩ් වත්තේ සුද්දා නැමැත්තා වෑන් රථයේ පිටුපස දොරින් ඇතුළු වී වෑන් රථය තුළ තිබූ ලක්ෂයකට ආසන්න වටිනා ජංගම දුරකතනයක්, ඩොලර් 155ක් හා ශබ්දවාහිනී යන්ත්‍ර සොරාගෙන ගොස් තිබුණි.