― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජාතික ගමනාගමන කොමිෂන් සභාව පුර්ණ ඩිජිටල්කරණය අරඹයි

ජාතික ගමනාගමන කොමිෂන් සභාව පුර්ණ ඩිජිටල්කරණය අරඹයි

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ දත්ත පද්ධති ක්‍රියාවලිය ස්වයංක්‍රීයකරණය කිරීමේ ව්‍යාපෘතිය නිල වශයෙන් දියත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම ව්‍යාපෘතිය යටතේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව තුල සිදුවන සේවාව ස්වයංක්‍රීය පරිගණක වැඩසටහනක්‌ හරහා ක්‍රියාත්මක වන අතර කිසිඳු බාහිර බලපෑමකින් තොරව පද්ධතිය ක්‍රියාත්මක වීම එහි විශේෂත්වයයි.

රාජ්‍ය ආයතන තුලින් වඩා කාර්යක්ෂම සහ විධිමත් සේවාවක් සැපයීම උදෙසා ඩිජිටල්කරණයේ ඇති වැදගත්කම පිළිබඳව සිය අවධානය යොමු කළ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ උපදෙස් හා මඟපෙන්වීම මත ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය පූර්වාදර්ශයක් ලෙස අමාත්‍යංශ යටතේ ක්‍රියාත්මක අනෙකුත් ආයතන වෙතද හඳුන්වා දීම අමාත්‍යවරයාගේ සංකල්පයයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේදී මෙම ඩිජිටල්කරණ ව්‍යාපෘතිය දියත් කරමින් GPS පහසුකම සහිත බස් රථයක් ප්‍රධාන කාර්යාලයේ සිට නිරීක්ෂණය කරමින් ඒ හා සම්බන්ධ නිලධාරි වාර්තා නිකුත් කිරීම, GPS පාලක මැදිරියේ කටයුතු ඇතුළු සමස්ථ ක්‍රියාවලිය අමාත්‍යවරයා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ නිරීක්ෂණයට ලක් විය.

මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ පුද්ගලික බස් රථ සේවාවන් සම්බන්ධව සියලුම නියාමන කටයුතු සිදුකෙරෙන ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් පියවරක් අරඹන දිනයක් ලෙස අද දිනය ඉතිහාස ගත වනවා.

මෙතෙක් ඉතාමත් විශාල පිරිසකගේ ශ්‍රමය, කාලය, මුදල් වැය වූ සම්ප්‍රදායික පරිපාලන ක්‍රියාවලිය වෙනුවට ලෝකයේ ඉතාමත් දියුණු රටවල් අනුගමනය කරන ක්‍රමවේදයන් ආදර්ශයට ගනිමින් ඇරඹෙන මෙම ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ඓතිහාසික පියවරක්.

කාලය, ශ්‍රමය, මුදල් ඇතුළුව සෑම අංශයකම සිදුවෙන නාස්තිය, දූෂණය, වංචාවන්, අකාර්යක්ෂමතාවයන් මැඩ පවත්වමින් බස්රථ ප්‍රවාහනයේ සිදුවන සියලුම කාර්යයන් ප්‍රධාන කාර්යාලය සිටම නිරීක්ෂණය පරිපාලනය කිරීමේ හැකියාව මේ සමගින් හිමිවනවා. පැය 24 පුරාම ක්‍රියාත්මක වන පාලක මැදිරිය හරහා අඛණ්ඩව රැස් කෙරෙන දත්ත විශ්ලේෂණය කිරීම තුළින් ආයතනික කාර්යයන් සඳහා පමණක් නොව ඉදිරියේදී ආරක්ෂක අංශය සහ නීතිමය කටයුතු ඇතුලු අනෙකුත් අංශ සඳහාත් විශාල ප්‍රයෝජනයක් අත්වනවා.

ඩිජිටල්කරණය සඳහා ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව තැබූ මෙම පියවරේ මීළඟ අදියර ලෙස ආයතනයේ සමස්ථ ක්‍රියාවලියම ඩිජිටල්කරණය කිරිම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස මා උපදෙස් ලබා දෙනවා. මෙය පූර්වාදර්ශයක් බවට පත් කරගනිමින් අප අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අනෙකුත් ආයතන තුළත්, සෙසු රාජ්‍ය ආයතන තුළත් මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම තුළින් වාර්ෂිකව අපතේ යන විශාල ශ්‍රමයක්, ධනයක්,කාලයක් ඉතිරි කරමින් වඩාත් ප්‍රශස්ථ මහජන සේවාවක් සැපයීමට හැකියාව ලැබෙනු ඇති බව මා විශ්වාස කරනවා.

මෙම සේවාවන් තව දුරටත් පුළුල් කරමින් මේ වනවිට ලබාදෙන සාම්ප්‍රදායික මාර්ග බලපත්‍ර වෙනුවට ඩිජිටල් කාඩ් පතක් හඳුන්වා දීම මේ වෙන විටත් ආරම්භ කර තිබෙනවා. මීට සමගාමීව ආයතනික ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇතුළු අනිකුත් කටයුතු ද පූර්ණ ඩිජිටල්කරණයට ලක් කිරීම තුලින් වංචාව, දූෂණය, අක්‍රමිකතාව, අකාර්යක්ෂමතාවය මුළුමනින්ම මැඩ පවත්වමින් ආදර්ශමත් රාජ්‍ය සේවාවක් ලබාදීමේ කටයුත්ත අප ආරම්භ කරනවා. රට වෙනුවෙන් ජනතාව ඉල්ලා සිටින සැබෑ වෙනස වන්නේ මෙයයි. වැටුණු රට ගොඩ ගනිමින් අලුත් වෙනසකට මුල පුරන්නට මේ ආරම්භය සුභ පෙරනිමිත්තක් වනු ඇති බවට මා විශ්වාස කරනවා.