― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot News2023 වසරේ ලොව ධනවත්ම නගරය මෙන්න

2023 වසරේ ලොව ධනවත්ම නගරය මෙන්න

ලොව ධනවත්ම නගරය බවට ඇමෙරිකාවේ නිව්යොර්ක් නගරය යළිත් වරක් පත්ව ඇත.

මෙය මිලියනපතියන් සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් ලොව ධනවත්ම නගර ලැයිස්තුව සකස් කෙරෙන අතර 2023 වර්ෂයේ දී ද එහි පළමු තැනට පත්ව ඇති නිව්යෝර්ක් නගරයේ මිලියනපතියන් සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවා ඇති බව වාර්තා වනවා.

මිලියනපතියන් 340,000ක් එම නගරයේ වෙසෙන අතර එහි බිලියනපතියන් සංඛ්‍යාව 58ක් බව සඳහන්ව ඇත.

ලොව ධනවත්ම නගර අතර දෙවන ස්ථානය මිලියනපතියන් 290,300ක් වෙසෙන ජපානයේ ටෝකියෝ නගරයටත් තෙවන ස්ථානය මිලියනපතියන් 285,000ක් වෙසෙන අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ බේ ප්‍රදේශයටත් හිමිව තිබේ.

ලොස් ඇන්ජලීස් සහ චිකාගෝ නගර ද ඇතුළත්ව අමෙරිකාවේ නගර 04ක් ලොව ධනවත්ම නගර 10 අතරට ඇතුළත්වීම විශේෂත්වයකි. චීනයේ බීජිං හා ෂැංහයි, ලන්ඩන්, සිංගප්පූරුව, හොංකොං සහ සිඩ්නි 2023 වසරේ ලොව ධනවත්ම නගර 10 අතරට ඇතුළත් සෙසු නගර වෙයි.