25.6 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැලිමඩ බැලුම්ගල රක්ෂිතයේ ගින්නක්

වැලිමඩ බැලුම්ගල රක්ෂිතයේ ගින්නක්

වැලිමඩ බැලුම්ගල රජයේ වන වගා රක්ෂිතයේ ඇති වූ ගින්නකින් අක්කර 20කට වැඩි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා.

පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමග ගින්න පැතිර යාම වේගවත් වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ඊයේ (19) පස්වරුවේ ගින්න හටගෙන ඇති අතර කිසියම් අයෙකු රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි සැක කෙරෙනවා.

වැලිමඩ සානුවේ ඇතැම් පිරිස් සතුන් දඩයම් කිරීමට මෙන්ම විනෝදය සඳහා මෙලෙස ගිනි තැබීම් සිදු කරන බවටයි වාර්තා වන්නේ. ගින්න නිවා දැමීම සඳහා කැප්පෙටිපොල පොලිසිය ප්‍රදේශවාසීන් පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිනවා.