― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපාස්කු සිදුවීමට සම්බන්ධ අය ගැන තරාතිරම නොබලා විමර්ශන කරනවා - සමන්

පාස්කු සිදුවීමට සම්බන්ධ අය ගැන තරාතිරම නොබලා විමර්ශන කරනවා – සමන්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය ගැන රජය තරාතිරම නොබලා විමර්ශනය කරන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

පාස්කු ප්‍රහාරය යනු රට බංකොලොත් වීමට වක්‍රාකාරයෙන් බලපෑ සංසිද්දියක් බවද එම ප්‍රහාරය මරණ 253 කට පමණක් ලඝු කළ හැකි කාරණයක් නොවන බවද රත්නප්‍රිය මහතා කීය.

මෙහි වින්දිතයන්ට කවදා හෝ සාධාරණයක් ඉටුවිය යුතු අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ ඒ සාධාරණය ඉටු කිරීම රජයේ අපේක්ෂාව බව ද රත්නප්‍රිය මහතා සඳහන් කළේය.