― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 17% ක් ආහාර අනාරක්ෂිත තත්ත්වයක

බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 17% ක් ආහාර අනාරක්ෂිත තත්ත්වයක

බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 47665 ක් උග්‍ර ආහාර අනාරක්ෂිත තාවයෙන් පෙලෙන බවත් සමස්ථ පවුල් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස එය 17 % ක් බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යලයීය ශ්‍රවනාගාරයේදී පැවැති විශේෂ දිස්ත්‍රික් සමන්ධීකරන කමිටු රැස්වීමේදී අනාවරණය කළාය.

සමීක්ෂන වාර්තාවන්ට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ මන්දපෝෂණයෙන් පෙළෙන අවුරුදු 5 ට අඩු ළමුන් සංඛ්‍යාව 10873 ක් බවත් එය සමස්ථයක් ලෙස ගත් කළ 19 % ක් බවත් සඳහන්කළාය.

VMlඅගය 18 ට අඩු සති 12 සම්පූර්ණ කළ ගර්භනී මව්වරු 1226 දෙනෙක් දිස්ත්‍රික්කය තුළ සිටින බවද හෙළි කළාය.