― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsශ්‍රී ලංකාවේ වනගහනය 2030 වනවිට සියයට 30 දක්වා ඉහළ නැංවීමට ජාත්‍යන්තර සම්මුති...

ශ්‍රී ලංකාවේ වනගහනය 2030 වනවිට සියයට 30 දක්වා ඉහළ නැංවීමට ජාත්‍යන්තර සම්මුති සමඟ එකඟතාවයක්

ශ්‍රී ලංකාවේ වනගහනය 2030 වනවිට සියයට 30 දක්වා ඉහළ නැංවීම සඳහා ජාත්‍යන්තර සම්මුති සමග එකගතාවයකට පැමිණ තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

දැනට අපේ රටේ වනගහනය සියයට 29.2ක් වන බවත් එය සියයට 30 දක්වා ගෙන ඒමට නම් වනාන්තර ප්‍රමාණය තවත් දශම 08කින් ඉහළ නැංවිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

බැලූ බැල්මට මෙය සුළුපටු ඉළක්කයක් බව පෙනුනත් අපේ රටේ වන ගහනය දශම 08කින් ඉහළ නැංවීමට හෙක්ටෙයාර් 65,000ක වනාන්තර වගා කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් පරිසරය සුරැකීම මෙන්ම රටට අවශ්‍ය ආහාර බෝග වගාවටත් ප්‍රමුඛත්වය ලබා දිය යුතු නිසා මෙවර පැළ සිටුවීමේ ජාතික නැකැත් චාරිත්‍රය අනුව බහුවාර්ෂික බෝගයක් වශයෙන් පලතුරු පැළ රෝපණය කිරීමට අපි පියවර ගත්තා.

පසුගිය මහ කන්නයේ මෙතෙක් අප රටේ වැඩිම වී අස්වැන්නක් අම්බලන්තොට රිදියගම ප්‍රදේශයේ ගොවීන් සිව්දෙනෙක් වාර්තා කර තිබෙනවා. තුන්දෙනෙක් හෙක්ටෙයාර් එකකට වී කිලෝග්‍රෑම් 11,000කට වැඩි ප්‍රමාණයකුත්, එක් ගොවියෙක් වී කිලෝ ග්‍රෑම් 9,000කට අධික ප්‍රමාණයකුත් අස්වනු ලබා තිබෙනවා.

මේ ආකාරයට අපේ රටේ සෑම ගොවියෙක්ම වැඩි අස්වැන්නක් ලබා ගැනීමට නම් හොඳ බීජ වී, නිසි කළට පොහොර යෙදීම හා තාක්ෂණික ක්‍රම යොදා ගත යුතුයි.

රටේ ආහාර බෝග වගාව ඉහළ නැංවීමට ගොවීන්ට ලබා දෙන සහන ප්‍රමාණය ඉහළ නැංවීමටත් රජය වශයෙන් දැන් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. කුමන බාධක හා විවේචන එල්ල වුවත් අපි මේ රටේ කෘෂිකර්මාන්තය ඉහළ නැංවීමේ ‌ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියනවා”