― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsතිදරු පියාට දිවි අහිමි කළ ඉඩම් ආරවුල

තිදරු පියාට දිවි අහිමි කළ ඉඩම් ආරවුල

ගල්නෑව හෙලබොදුගම ප්‍රදේශයේ දී උදැල්ලකින් හිසට පහර දී 72 හැවිරිදි තිදරු පියකු ඝාතනය කර තිබෙනවා.

වෘත්තියෙන් ගොවියකු වූ මිය ගිය පුද්ගලයා, තම බිරිද සමග ඊයේ සවස ගොවිතැන් කටයුත්තක් සදහා හෙලබදුගම “16 ඇල” කොටසේ තිබූ තම හේන්යායට ගොස් සිටි අවස්තාවේ දී, එම ස්ථානයට පැමිණි තම බිරිදගේ බාලසොහොයුරු කලක පටන් තිබූ ඉඩම් ආරවුලක් හේතුවෙන් බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මිය ගිය පුද්ගයාගේ හා බිරිදගේ හිසට උදැල්ලකින් පහර දී ඇත.

පහරදුන් පුද්ගලයා එම ස්ථානයෙන් පහරදී පලාගොස් සිටි අතර පහරකෑමට ලක්වූ පුද්ගලයා එම ස්ථානයේම මියගොස් සිටි අතර පහරකෑමට ලක්වූ කාන්තාව සිහසුන්ව ඇදවැටී ඇති බවත් පසුව කාන්තාවට සිහිය පැමිණි විගස එම කාන්තාව විසින්ම ඥාතියකුට දුරකතනයෙන් කතාකර සිද්ධිය පැවසූ බවත් ඉන් අනතුරුව ප්‍රදේශවාසීන්ද කැටුව ගොස් මෙම දෙදෙනා රෝහල් ගත කළ බවත් ඔවුන්ව රෝහල්ගත කල පුද්ගලයකු අප සමඟ පවසා සිටියා.

පසුව ප්‍රදේශ වාසීන් හා තම නෑදෑයන් එක්ව පහරකෑමට ලක්වූ දෙදෙනාම ගල්නෑව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

රෝහලට ඇතුලත් කරන අවස්තාව වන විටත් පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහුගේ බිරිද වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගල්නෑව හෙලබොදුගම පදිංචි 72 හැවිරිදි තිදරු පියකු වන අතර, සිද්ධියට අදාලව පහරදුන්නැයි සැකපිට එම ප්‍රදේශයේම පදිංචි බිරිදගේ බාල සොහොයුරු අත්තඩංගුවට ගෙන තිබෙනවා.

සිදුවීමට අදාලව අද දින මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකීරීමෙන් අනතුරුව සැක කරු කැකිරාව දිසා මහේස්ත්‍රාත් අදිකරනයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මිය ගිය පුද්ගලයාගේ සිරුර ගල්නෑව ප්‍රාදේශීය රෝහලේ තැම්පත් කර ඇති අතර, ගල්නෑව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.