― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමහබෙල්ලන තොටුපලේ දිය නාමින් සිටි 16 හැවිරිදි සිසුවා ජීවිතක්ෂයට

මහබෙල්ලන තොටුපලේ දිය නාමින් සිටි 16 හැවිරිදි සිසුවා ජීවිතක්ෂයට

බණ්ඩාරගම මහබෙල්ලන තොටුපලේ මිතුරන් පිරිසක් සමඟ විනෝදයට දිය නාමින් සිටි 16 හැවිරිදි සිසුවෙක් අද පස්වරුවේ දියේ ගිලී මිය ගොස් ඇතැයි අලුබෝමුල්ල පොලිසිය පවසනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ අළුබෝමුල්ල මහා විද්‍යාලයේ 11 වන වසරේ ඉගෙනුම ලබමින් සිටි අලුබෝමුල්ල, මහින්ද මාවත ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සිසුවෙක්.

මියගිය සිසුවා ඔහුගේ පාසලේ ම තවත් මිතුරන් සිව් දෙනකු පැමිණ අද පස්වරු 3 ට පමණ මහබෙල්ලන තොටුපල වෙත පැමිණ දියනාමින් සිට ඇතැයි පොලිසිය පවසනවා.

එම අවස්ථාවේදී ඔහුගේ වැඩිමල් සොයුරා තවත් මිතුරකු සමඟ පැමිණ ඇති අතර සොයුරාගේ මිතුරා තොටුපොළට බැස මඳක් ඈතට පිහිනා යාමේ දී මියගිය සිසුවා ද ඔහු අනුගමනය කරමින් තොටුපොළේ ඉදිරියට පිහිනා ඇති අතර එහිදී ඔහු එකවරම දියේ ගිළී අතුරුදහන් ව ඇතැයි පොලිසිය පවසනවා.

දියේ ගිලී අතුරුදන් වූ සිසුවා සම්බන්ධයෙන් අලුබෝමුල්ල පොලීසියට ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ප්‍රදේශවාසීන්ගෙන් සහායෙන් ඔරුවක් ආධාරයෙන් සිසුවා සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර පැයකට පමණ පසු දීයේ ගිලී සිටි සිසුවා සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

ගොඩට ගත් සිසුවා වෑන් රථයකින් පානදුර මූලික රෝහල වෙත රැගෙන ගියද එහිදී වෛද්‍යවරුන් දැඩි පරිශ්‍රමයක් දරා සිසුවාගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කළත් සිසුවා මිය ගොස් තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

මියගිය සිසුවා සමඟ දිය නෑ සිසුන් හතර දෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා පොලිස් භාරයට ගෙන ති‍බෙන අලුබෝමුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.