26.7 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් දැරියකට අමුතු ආකාරයට දඬුවම් කළ ගුරුවරයා

පාසල් දැරියකට අමුතු ආකාරයට දඬුවම් කළ ගුරුවරයා

පාසල් ගුරුවරයෙකු විසින් සිසුවියකට ඉදල් මිටකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසනවා.

හලාවත – බුරුතකැලේ පදිංචි කාන්තාවක් විසින් සිදුකර ඇති පැමිණිල්ලකට අනුව මෙම විමර්ශණය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. 08 වන වසර ඉගෙණුම ලබන තම දියණියට ඇය අධ්‍යාපනය ලබන පාසලේ ගුරුවරයෙකු විසින් වම් අතේ මැණික් කටුව ප්‍රදේශයට ඉදල් මිටකින් පහර දී ඇති බවයි සිසුවියගේ මව පොලිසියට පැමිණිලිකර ඇත්තේ.

නිවසේ දී කරගෙන ඒමට දී තිබූ අධ්‍යාපන කටයුතු කීපයක් නොකිරීම හේතුවෙන් ගුරුවරයා විසින් සිසුවියට දඬුවමක් ලෙස මෙම පහරදීම සිදුකර ඇති බව මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ.