ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා වන ඡන්ද ව්‍යාපාරය ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් එළඹෙන සතියේ ආරම්භ කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යළිත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ සූදානම සම්බන්ධයෙන් වීඩියෝ පටයක් මුදාහරිමින් ඇමරිකානු ජනාධිපතිවරයා සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරනු ඇති බවයි වාර්තා වන්නේ.
2020 වසරේදී හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත් කරමින් බයිඩ්න් ජනාධිපති ධුරයට පත්වූයේ එරටින් තේරී පත්වූ වයස්ගතම ජනාධිපතිවරයා ලෙසයි.