― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයුක්තිය ඉටු වනතුරු අපි අවදියෙන් ඉන්නවා - කාදිනල් හිමි

යුක්තිය ඉටු වනතුරු අපි අවදියෙන් ඉන්නවා – කාදිනල් හිමි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉටු වනතුරු අවදියෙන් පසුවන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමිවූවන් හා තුවාල ලැබූවන්ට යුක්තිය හා සාධාරණය ඉෂ්ට කරනැයි ඉල්ලමින් සංවිධානය කර තිබූ මෙම සැමරුම් උළෙලට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ හිටපු නීතිපති දප්පුල ද ලිවේරා කළ ප්‍රකාශය හරහා ඔහු සාක්ෂිකරුවෙකුට වඩා චූදිතයෙකුගේ තත්ත්වයට පත් කර අපහසුතාවට පත් කර ඇති බවයි.

මෙම ප්‍රහාරය මතුපිටින් පෙනෙන අයුරින් ඉස්ලාමීය අන්තවාදීන් පිරිසකගේ ක්‍රියාවක් වුවත් එය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී ඇති බවට පාර්ලිමේන්තු තේරිම් කාරක සභා වාර්තාව පැහැදිලි ලෙස ප්‍රකාශ කර තිබෙනවා. මේ අතරම හිටපු නීතිපති දප්පුල ද ලිවේරා 2021 මැයි 1 වන දින නිව්ස්ෆස්ට්හි සුල්ෆික් ෆර්සාන් නමැති මාධ්‍යවේදියා සමග කළ සාකච්ඡාවේදී කළ ප්‍රකාශය, දැන් ඒ මහතා සාක්ෂිකරුවෙකුට වඩා චූදිතයෙකුගේ තත්ත්වයට ඇද දමා ඒ මහතා අපහසුතාවට පත් කර සැබෑ චූදිතයන් සොයා යන්නට තමන්ට නොහැකිවීම වසා ගනිමින් පොලිසිය හා ආරක්ෂක අංශ කටයුතු කරන බව දැන් පැහැදිලි වෙමින් පවති. ඔවුන් කළ යුත්තේ එවැනි දෙයක් නෙවා ඒ මහතා පොලිස්පතිතුමාට ලැබ දුන් පිටු 189ක වාර්තාව කියවා බලා එහි කරුණු විමර්ශනය කිරීමයි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ඇතැම් වගකිව යුත්ත්ට ජනාධිපති කොමිෂන් සභාව කර ඇති නිරේදේශවත් ක්‍රියාත්මක කරන්නට මැලි වන නීතිපති දෙපාර්තමේන්තුවත් පොලිසියත් ප්‍රසිද්ධියේ කිඹුල් කඳුළු හෙළුවත් , පිළිබඳව අවංකව ක්‍රියාදාමයට පියවර තැබීමට මැලි වන රජයත් පිළිබඳව අපි බලවත් ලෙස කනගාටු වෙමු. වත්මන් ජනාධිපතිතුමා සහ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයා මේ නොබෝදා තමන් කතෝලික සභාව සමග අවංක සංවාදයකට සූදානම් බව ප්‍රකාශ කළේ මේ දෙබිඩි ප්‍රතිපත්තිය රැක ගනිමින් දැයි අපිට ප්‍රශ්නයක් නැගනෙවා. ඒකාධිපතිවාදය රජ කරනවා ජනතා පරමාධිපත්‍යට පයින්ගසන්නට පියවර ගන්නා අප රටේ අද පවත්නා නායකත්වය පිළිබඳව අපිට විශ්වාසය තැබිය නොහැකියි. ආදරණීය දෙවි පියාණන්ගෙන් ඉල්ලා සිටින්නේ, අපේ මේ හඬට සවන්දී පාස්කු ඉරුදින සිදුවුණේ කුමක් දැයි අපිට පෙන්වා දෙන්නට කටයුතු කරන ලෙසයි. ඒලෙසම අප රට තුළ ලබා ගත් ඒක්සත් කමේ ජයග්‍රහණය කිසිවෙකුට පරාජය කරන්නට ඉඩ නොදෙන ලෙසයි. සියල්ලන්ට අපි දැනුම් දෙන්නේ, යුක්තිය ඉටු වන තුරු අපි අවදියෙන් ඉන්නවා.