28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහ නාහිමිවරුන්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්

මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්

යෝජිත ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ රටේ පවතින ගැටලු හා මහජන අවශ්‍යතාවන් පිළිබඳ අවධානය යොමු කරමින් පුළුල් සමාජ සංවාදයක් ඇති කර විශේෂඥ මණ්ඩලයක් හරහා මෙම පනත් කෙටුම්පතෙහි නුසුදුසු වගන්ති ඉවත් කර සකස් කිරීම සුදුසු බවට දන්වමින්.

එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතෙයි ඇතැම් වගන්ති මගින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංග වන රට වැසියා සතු ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය අහෝසි වීම හේතුවෙන් ඒ පිළිබඳ දැඩි විරෝධයක් ශ්‍රී ලාංකේය ජන සමාජය තුල උද්ගතව ඇති බවයි.

අස්ගිරි, මල්වතු, අමරපුර සහ රාමඤ්ඤ යන නිකායන්වල මහ නාහිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත මෙම ලිපිය යොමු කර තිබෙනවා.