― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමියගිය තරුණයෙකුට යළි පණ එයි

මියගිය තරුණයෙකුට යළි පණ එයි

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සැමී බර්කෝ නම් 16 හැවිරිදි තරුණයෙකු මියගිය බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව යළි ජීවය ලැබීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම තරුණයා හෘදයාබාධයක් ඇති වීම හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර තරුණයා මියගොස් ඇති බවට පවුලේ ඥාතීන්ට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් මෘත ශරීරය බැලීමට ගොස් ඇත.

එම අවස්ථාවේදී පවුලේ ඥාතීන් ඔහුගේ චලනයන් දැක ඇති අතර අනතුරුව කඩිනමින් වෛද්‍යවරුන්ට ඒ පිළිබඳ දැනුම් දීමටයි කටයුතු කර තිබුණේ.

මිය ගිය බවට ප්‍රකාශ කර පැය දෙකකට පසුවයි එලෙස යළි ජීවය ලැබීමේ පුවත වෛද්‍යවරුන් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.