― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපස් හැවිරිදි දරුවා මහ මඟ තනිකර මව සහ බාප්පා පළාගිහින්

පස් හැවිරිදි දරුවා මහ මඟ තනිකර මව සහ බාප්පා පළාගිහින්

මහ මඟ දමාගොස් සිටිය දී සොයා ගන්නා ලද කුඩා දරුවෙක් කුට්ටිගල පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස මහ මඟ දමාගොස් සිටිය දී සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 05ක පිරිමි දරුවෙක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

දරුවාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සඳහන් කර ඇත්තේ සිය මව සහ බාප්ප්පා විසින් ත්‍රිරෝද රථයකින් රැගෙනවිත් තමන් මෙලෙස මහ මඟ දමා ගිය බවයි.

දරුවාට පහර දී තුවාල සිදුකර තිබීම හේතුවෙන් ප්‍රථිකාර සඳහා ඇඹිලිපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, අනතුරුව දරුවා අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

දරුවා මෙලෙස මහ මඟ දමාගිය යුවළ සම්බන්ධයෙන් තොරතුරු මේ වනවිට අනාවරණය වී ඇති බවයි කුට්ටිගල පොලිසිය සඳහන් කළේ.

මොවුන් මීට පෙර බෝගල්ආර ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර, මවගේ දෙවැනි විවාහයෙන් පසු මෙම පිරිස ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල පිටුපස පිහිටි නිවසක පදිංචියට පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දරුවාගේ මවගේ දෙවැනි කසාදයෙන් තවත් දරුවෙක් ද සිටින බවයි වාර්තා වුණේ.

මවගේ දෙවැනි විවාහයේ පුද්ගලයා ඇඹිලිපිටිය රෝහල ඉදිරිපිට පිහිටි ත්‍රීරෝද රථගාලේ කුලී ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස සේවය කරන අයෙක් බව සඳහන්.

මේ වනවිට දරුවාගේ මව සහ දෙවැනි විවාහයේ පුද්ගලයා ඔවුන්ගේ දරුවා ද රැගෙන ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

රෝහල් ගතකළ දරුවා ප්‍රථිකාරවලින් අනතුරුව පරිවාසය හරහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.