ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
ලබන බදාදා පළමුවර කියවීම සඳහා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.
දූෂණ මර්දන පනත් කෙටුම්පත මැයි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඔහු පැවසුවා.