26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉලෙක්ට්‍රික් වාහන සම්බන්ධව සතුටුදායක ආරංචියක්

ඉලෙක්ට්‍රික් වාහන සම්බන්ධව සතුටුදායක ආරංචියක්

කොළඹ නගරයේ විද්‍යුත් වාහනවලට අවශ්‍ය ආරෝපිත බැටරි ලබාදීම සඳහා මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ආධාර කිරීමට පියවර ගෙන ඇතැයි ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රකාශ කරනවා.

මේ යටතේ පළමුව රෝද දෙකේ විද්‍යුත් වාහනවල බැටරි මාරු කරන ස්ථාන දෙකක් ස්ථාපිත කිරීමට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනය සහ Sling Mobility සමග ගිවිසුමකට අත්සන් තබා ඇති බවයි පැවසෙන්නේ.

මෙහි විශේෂත්වය වන්නේ මෙම මධ්‍යස්ථානවලදී බැටරි ආරෝපිත වන තෙක් බලා නොසිට ඒ වෙනුවට ආරෝපණය කරන ලද බැටරියක් ලබා ගැනීමට ඇති හැකියාවයි.

පරිසර හිතකාමී බලශක්තියට දිරි දීමක් වශයෙන් මෙම ඊ තාක්ෂණය දියුණු කිරීමට උපරිම සහාය ලබාදෙන බව Usaid දුත මණ්ඩල අධ්‍යක්ෂ ගේබ්‍රයල් ග්‍රො සඳහන් කරයි.