― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසැමියාගේ හොඳම මිතුරා සමඟ එක්ව සැමියා නසන්න සැලසුම් කළ බිරිඳ

සැමියාගේ හොඳම මිතුරා සමඟ එක්ව සැමියා නසන්න සැලසුම් කළ බිරිඳ

 හොඳම මිතුරාගේ බිරිඳ සමඟ පැවති අනියම් ඇසුර දිගටම පවත්වාගෙන යාමට මිතුරාගේ ගෙළ කපා ඝාතනය කිරීමට උත්සාහ කළ සැකකරුවෙක් ආණමඩුව පොලිසිය විසින් අද (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආණමඩුව, නෑබඩවැව ප්‍රදේශයේ පදිංචි සැකකරු සමඟ අපරාධය සඳහා සහාය වූ තවත් පුද්ගලයින් දෙදෙනක් සහ ඔහු අනියම් සම්බන්ධතාව පවත්වාගෙන ගිය කාන්තාව ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සැකකරු සමඟ අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයින් දෙදෙනාට සැකකරු විසින් ඝාතනය සඳහා රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කොන්ත්‍රාත්තුව ලබාගත් පුද්ගලයින් දෙදෙනා මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතන සැලැස්මට හසු වූ පුද්ගලයා ගොවිතැන් කටයුතුවල නිරතවන තැනැත්තෙක් වන අතර, ඔහු වැලිමඩ ප්‍රදේශයේ කාන්තාවක් සමඟ විවාහ වී තිබෙනවා.

මෙම විවාහය අදාළ කාන්තාවගේ දෙවන විවාහය වන අතර, දෙවන විවාහයේ සැමියාගේ හොඳම මිතුරා සමඟ පසුව මෙම කාන්තාව අනියම් සම්බන්ධතාවක් ගොඩනඟා ගෙන ඇති බවයි හෙළිව ඇත්තේ.

කලක සිට පවත්වාගෙන ආ මෙම අනියම් ඇසුර දිගටම පවත්වාගෙන යාමේ අරමුණින් අදාළ කාන්තාව සහ ඇය අනියම් සම්බන්ධතාව පවතවාගෙන ආ පුද්ගලයා එක්ව සැමියා ඝාතනය කිරීමට සැලසුමක් සකස්කර තිබෙනවා.

ඒ, අනුව මෙම කාන්තාව දරුවන් සමඟ වැලිමඩ ප්‍රදේශයට ගොස් සිටිය දී අනියම් සැමියා විසින් පෙර සැලසුම් කළ පරිදි මිතුරා ඝාතනය කිරීමට මීගමුව ප්‍රදේශයේ අපරාධකරුවන් දෙදෙනෙකු රුපියල් ලක්ෂයක මුදලක් ලබා දී සහායට කැඳවාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම පුද්ගලයින් තිදෙනා පෙරදින රාත්‍රියේ අදාළ පුද්ගලයා නිදා සිටින නිවසට හොර රහසේ ඇතුළු වී එම පුද්ගලයා නිදා සිටි ඇඳ අසලට ගොස් ඔහුගේ ගෙළට කඩුවකින් පහරදීමට උත්සාහ දරා ඇති අතර, එලෙස එල්ල කළ කඩු පහර වැරදී ගොස් කුලියට ගෙන්වා ගත් එක් අපරාධකරුවෙකුගේ අතේ වැදී ඇති බවයි වාර්තා වුණේ.

එහිදී එම අපරාධකරුගේ දකුණු අතේ ඇඟිලි සියල්ලම කැපී ගොස් ඇති අතර, දෙවනුව එල්ල කළ කඩු පහර නිදා සිටි පුද්ගලයාගේ ගෙළ ප්‍රදේශයට වැදී ඇති බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ.

ගෙළට එල්ල වූ කඩු පහරින් වේදනාවෙන් එම පුද්ගලයාගේ කෑ ගැසීමත් සමඟ අසල්වාසීන් විසින් අදාළ නිවසට පැමිණ ඇති බව සඳහන්.

එම අවස්ථාවේ දී සැකරුවන් තිදෙනා පලාගොස් ඇති අතර, බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා රෝහල් ගත කිරීමට අසල්වාසීන් කටයුතුකර තිබෙනවා.

මේ වනවිට ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබන බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් ආණමඩුව පොලිසිය කඩිනමින් විමර්ශන ආරම්භ කළ අතර, එහිදී වැලිමඩ ප්‍රදේශයට ගොස් සිටි කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනියම් සම්බන්ධතාව පවත්වාගෙන ගිය පුද්ගලයා පිළිබඳව කරුණු අනාවරණය වී තිබෙනවා.

පසුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අපරාධය සම්බධයෙන් තොරතරු අනාවරණය වී ඇති අතර,ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර අපරාධය සිදුකිරීමට කොන්ත්‍රාත්තුව ලබාගත් මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනා ව්‍යාජ නම් දෙකකින් රාගම රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

ගෙළ කපා දැමීමට යොදාගත් කඩුව පාලියාම – නෑබඩ වැවට විසිකර තිබිය දී පොලිසිය විසින් සොගත් බවටයි වාර්තා වුණේ.