― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsආණ්ඩුවට සෙත්පතන පිරිත් දේශනයට රජයේ සේවකයන්ගෙන් සල්ලි ඉල්ලලා

ආණ්ඩුවට සෙත්පතන පිරිත් දේශනයට රජයේ සේවකයන්ගෙන් සල්ලි ඉල්ලලා

ජනාධිපතිවරයා ඇතුළු රජයට සහ රජයේ සේවකයන්ට සෙත් පැතීම සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සංවිධානත්වයෙන් ලබන ජූනි මාසයේ පැවැත්වීමට නියමිත සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සඳහා වැයවන රුපියල් ලක්ෂ හතකට අධික මුදල රජයේ සේවකයන්ගෙන් අය කර ගැනීමට එම අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

ඒ අනුව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අභ්‍යන්තර පාලන) එම්.එල්.ගම්මන්පිලගේ අත්සනින් යුතු ලිපියක් ආයතන ප්‍රධානීන්ට යොමුකර ඇති අතර එහි දැක්වෙන්නේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සඳහා වැයවන මුදල අමාත්‍යාංශය යටතේ පාලනය වන ආයතනවල සේවයේ නිරත රජයේ සේවකයන්ගෙන් අයකර ගන්න්නා බවයි.

එම ලිපියට අනුව, සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සඳහා අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයතනවල විශේෂ ශ්‍රේණියේ මාණ්ඩලික නිලධාරියෙකුගෙන් රුපියල් පන්දහසක මුදලක්ද, පළමු ශ්‍රේණියේ මාණ්ඩලික නිලධාරියෙකුගෙන් රුපියල් දෙදහස් පන්සියයක්ද, අනෙකුත් සියලුම මාණ්ඩලික නිලධාරියෙකුගෙන් රුපියල් දහසක මුදලක්ද, සෙසු නිලධාරියෙකුගෙන් කැමැත්ත පරිදි අවම වශයෙන් රුපියල් සියයක් හෝ ඊට වැඩි මුදලක් එකතු කිරීමට නියමිතය.

එලැඹෙන ජූනි මස 02 වැනිදා ජනාධිපතිවරයා ඇතුළු රජයටත්, සියලුම රාජ්‍ය සේවකයන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයන්ටත්, මව්බිමටත් සෙත් පතා සංවිධානය කරන ලද මෙම සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර පසුදින මහා සංඝරත්නය වෙනුවෙන් දානමය පුණ්‍ය කර්මයක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.