25 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහබාගේදී රත්‍රං හා දියමන්ති සොරකම් කළ කතක් අත්අඩංගුවට

මහබාගේදී රත්‍රං හා දියමන්ති සොරකම් කළ කතක් අත්අඩංගුවට

මහබාගේ ප්‍රදේශයේ රන් භාණ්ඩ සහ දියමන්ති සොරකමකට අවශ්‍යව සිටි සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඊයේ (23) රාත්‍රියේ කොස්මෝදර පොලිස් වසමේදී 25 හැවිරිදි මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය ලබාදුන් තොරතුරුවලට අනුව සොරාගන්නා ලද රන් භාණ්ඩ සහ දියමන්ති සොයාගෙන බවයි පොලිසිය පැවසුවේ.

ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඇය දෙණියාය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි.

පසුගිය 11 වැනිදා මහබාගේ පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ රන් පවුම් 11 ක් සහ දියමන්ති ඇතුලු රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා දේපළ සොරාගත් බවටයි.

ඒ ඔස්සේ වහාම ක්‍රියාත්මව වූ පොලීසිය සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.