― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළට

ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළට

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වූ මාස තුන තුළ මෙරටින් ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යාපාරය පවසයි.

ඒ අනුව එම කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ලාදුරු රෝගීන් 355 දෙනෙකු පමණ සොයාගෙන ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර පැවසුවේ වාර්තා වූ ලාදුරු රෝගීන්ගෙන් සියයට 10ක් පමණ ළමුන් වන බවයි.

පසුගිය වසරට සාපේක්ෂව ලාදුරු රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් තියෙනවා. මුල් මාස තුන ඇතුළේ අපට ලාදුරු රෝගීන් වාර්තා වුණේ 226ක් පමණයි. මේ අවුරුද්දේ මුල් මාස තුනේ අපිට ලාදුරු රෝගීන් 355ක් වාර්තා වුණා. එක තව විදිහට කිව්වොත් 57%ක පමණ ප්‍රමාණයක වැඩිවීමක්. ජනතාව කලබල විය යුතු නැහැ. ඔබ දන්නවා පසුගිව වසර තුන තුළ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක රෝගීන් හඳුනා ගැනීමේ යම් අඩුවක් වුණා. එතකොට අපිට හඳුනා නොගත් රෝගීන් හඳුනාගැනීම සඳහා යම් ඉලක්ක ගත වැඩපිළිවෙළක් යොදාගෙන යනවා. අන්න ඒ නිසා තමයි අපිට වැඩිපුර රෝගීන් හම්බෙන්නේ. හමුවුණ රෝගීන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වුණේ, රෝගීන් 64ක් වාර්තා වුණා කොළඹ දිස්ත්‍රික්කයෙන්. මඩකලපුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 42ක් වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 42ක්, කළුතර 24ක්, ගාල්ල 24ක් ඊට අමතරව මේ හමුවුණ රෝගීන්ගෙන් 10%ක් පමණ ළමා ලාදුරු රෝගීන්. ඒ නිසා අපි මේ වසර තුළ හඳුනාගත්ත ප්‍රදේශ තුළ වැඩිපුර රෝගීන් වාර්තා වන ප්‍රදේශය අපි සිතියම් ගතකරලා තියෙනවා. ඒ ප්‍රදේශවල තමයි අපි ඉලක්ක ගත වැඩපිළිවෙළක් යොදාගෙන යන්නේ.