― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලාංකිකයින්ට ජපන් ගොවිපොළවල රැකියා අවස්ථා

ශ්‍රී ලාංකිකයින්ට ජපන් ගොවිපොළවල රැකියා අවස්ථා

ජපානයේ ගොවිපොළ්වල් සඳහා ශ්‍රී ලංකාවෙන් සහ දකුණු ආසියාවේ වෙනත් රටවලින් කම්කරුවන් බඳවා ගන්නා බව වාර්තා වේ.

ජපානය පුරා ගොවිපොළවල් දකුණු ආසියාවෙන් තාවකාලික සේවකයන් බඳවා ගැනීමට වැඩි කැමැත්තක් දක්වන බව වාර්තා වෙයි. ජපානය පුරා පවතින සේවක පුරප්පාඩු ඊට හේතු වී තිබේ.

ශ්‍රම හිඟයට මුහුණ දෙන අංශ 12ක් සඳහා විදේශීය ශ්‍රමිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ජපානය සිය විශේෂිත නිපුණතා සේවක වැඩසටහන 2019 අප්‍රේල් මාසයේදී ආරම්භ කළේය.

කෙසේ වෙතත් මේ සඳහා කම්කරුවන් ජපන් භාෂා පරීක්ෂණ සමත් විය යුතු අතර මෙම වීසා කාණ්ඩයට වසර පහක් දක්වා ජපානයේ රැඳී සිටිය හැකි නමුත් තම පවුල රටට ගෙන්වා ගත නොහැක.