28.3 C
Colombo
Wednesday, May 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග 05කින් පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා සංචිතය අද (03) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

එම තරගාවලිය එලැඹෙන 11 වැනිදා ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය සඳහා නම්කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

මෙම තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස්ද නම් කර තිබේ. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නැගී එන ක්‍රීඩකයාගේ සම්මානයෙන් පිදුම් ලද ජනිත් ලියනගේද මෙම සංචිතයට ඇතුලත් කර තිබේ.

නවක ආරම්භක පිතිකරුවෙක් වන කඩුලු රකින කමිල් මිශාර ද ඔස්ට්‍රේලියානු සංචාරය සඳහා ඇතුලත් කර ඇති අතර මෙම තරගාවලියේදී නුවන් තුෂාරටද ස්ථානයක් වෙන්කිරීමට බලධාරීන් තීරණය කර ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියට ඇතුළත්ව සිටි භානුක රාජපක්ෂ, මිනෝද් භානුක, අකිල ධනංජය, නුවන් ප්‍රදීප්, ළහිරු මදුශංක, කමිඳු මෙන්ඩිස්, කුසල් පෙරේරා සහ පුලින තරංග යන ක්‍රීඩකයින් 7 දෙනාට කණ්ඩායමේ ස්ථාන අහිමිව තිබේ.

ශ්‍රී ලංකා පිලේ ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග නැවතත් කණ්ඩායමට නැවත එක්ව ඇත. මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා වේගපන්දු පුහුණු උපදේශක ලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එරටදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම

දසුන් ශානක (නායක),
චරිත් අසලංක (උප නායක)
අවිෂ්ක ප්‍රනාන්දු
පැතුම් නිස්සංක
ධනුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
දිනේෂ් චන්දිමාල්
චාමික කරුණාරත්න
ජනිත් ලියනගේ
කමිල් මිශාර
රමේෂ් මෙන්ඩිස්
වනිඳු හසරංග
ළහිරු කුමාර
නුවන් තුෂාර
දුෂ්මන්ත චමීර
බිනුර ප්‍රනාන්දු
මහීෂ් තීක්ෂණ
ජෙෆ්රි වැන්ඩර්සේ
ප්‍රවීන් ජයවික්‍රම
ශිරාන් ප්‍රනාන්දු