― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහිටපු නීතිපති අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක්

හිටපු නීතිපති අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක්

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීම සහ නීතිපතිවරයා වශයෙන් සිදුකළ කටයුතු සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ත්‍රස්ත මර්දන කාර්යාංශය ඇතුළු වගඋත්තරකරුවන් වෙත අතුරු නියෝග නිකුත් කළා.

හිටපු නිතිපතිවරයා විසින් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු නියෝග නිකුත් කරනු ලැබුවා.

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරනය මෙම අතුරු නියෝග නිකුත් කළා.