ජාතික ඩෙංගු පාලන ඒකකය සඳහන් කළේ, ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගීන් 7,702කු හඳුනාගෙන ඇති බවය. ඒ අතරින් 52% බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇත.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු පාලන ඒකකය සඳහන් කළේය.
ඊට අමතරව වයඹ පළාතේ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවල ද ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ.