28.4 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋතුරු - නැගෙනහිර අද හර්තාල්

උතුරු – නැගෙනහිර අද හර්තාල්

උතුරු – නැගෙනහිර පළාත් දෙක තුළ අද (25) දිනයේ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ත්‍රස්ත මර්දන පනතට එරෙහිව හා තවත් අරමුණු කීපයක් මුල් කර ගනිමින් දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ එක්ව මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක කරන බවයි වාර්තා වුණේ.

ඒ අනුව උතුරු පළාතේ අද (25) දිනයේ වවුනියාව, කිලිනොච්චිය,යාපනය හා මුලතිව් යන දිස්ත්‍රික්කවල හර්තාලය ක්‍රියාත්මක කරමින් කඩ සාප්පු වසා දමා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

කෙසේ වෙතත් රාජ්‍ය ආයතන හා බැංකු කටයුතු වවුනියාව දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පරිදි සිදුකරන අයුරු දක්නට ලැබුණු බවයි වාර්තා වුණේ. මේ අතර මෙම හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් එම ප්‍රදේශවල පෞද්ගලික බස්රථ ධාවනයට ද බාධා එල්ල වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කර සිටියා.