මඩකලපුවේ මාර්ගයක තිබී නාඳුනන මළ සිරුරක් සොයාගත් බව කොට්ඨාස මූලස්ථාන පොලිසිය පවසයි.
ඊයේ (24) පෙරවරුවේ මාර්ගයේ මළ සිරුරක් දැකීමෙන් පසු මහජනතාව පොලිසියට දන්වා ඇති අතර පොලීසිය ඉන් අනතුරුව එම ස්ථානයට ගොස් තිබේ.
එම පුද්ගලයා මඩකලපුව නගරයේ යාචකයෙක් බවයි වාර්තා වන්නේ.
අධිකරණයේ අවසරය ලබා ගැනීමෙන් පසු පොලිසිය විසින් මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මඩු ශික්ෂණ රෝහල වෙත භාරදී ඇත.