― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරජයේ බදු ආදායම දෙගුණයකින් ඉහළට

රජයේ බදු ආදායම දෙගුණයකින් ඉහළට

පසුගිය වසරේ මුල් කාර්තුව හා සසදා බැලීමේදී මේ වසරේ මුල් කාර්තුවේ රාජ්‍ය ආදායම දෙගුණයකට වඩා වැඩි අගයකින් වැඩි වී ඇති බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ වසරේ මුල් කාර්තුව සදහා රජයේ බදු ආදායම රුපියල් බිලියන 316.6 ක් වන බවයි. පසුගිය වසරේ මුල් කාර්තුව තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 146.5 ක් වූ අතර එය පසුගිය වසරේ මුල් කාර්තුව හා සසදා බැලීමේදී මේ වසරේ මුල් කාර්තුවේ රජයේ බදු ආදායම 116% කින් වර්ධනය වීමකි.

උපයනවිට බදු යටතේරුපියල් බිලියන 25.5ක බදු ආදායමක් ලබා තිබේ. පසුගිය වසරේ මුල්කාර්තුව තුළ එය රුපියල් බිලියන 4.6ක් ලෙස සටහන් වූ අතර එය පසුගිය වසර හා සසදා බැලීමේදී උපයන විට බදු ආදායම 447.2%කින් ඉහළ ගොස් තිබේ.