29.5 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාපන්දු බූට් යුගළක් අරන් නොදුන්නැයි සිසුවෙක් දිවි අහිමි කරගෙන

පාපන්දු බූට් යුගළක් අරන් නොදුන්නැයි සිසුවෙක් දිවි අහිමි කරගෙන

14 හැවිරිදි පාසල් සිසුවෙකු සියදිවි හානිකර ගැනීමේ අවාසනාවන්ත සිදුවීමක් යාපනය, වඩ්ඩුකෝඩ්ඩෙයි බටහිර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම සිසුවා ගෙළ වැළලාගෙන මෙලෙස සියදිවි හානිකරගෙන ඇති අතර සිසුවාගේ මළ සිරුර ඊයේ (24) සොයාගත් බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පැවසුවේ. පාපන්දු ක්‍රීඩාවට අවශ්‍ය සපත්තු යුගළක් පියා විසින් ගෙනැවිත් නොදීමට හේතුවෙන් ඊට කෝපයට පත්ව සිසුවා මෙලෙස සිය නිවස තුළ දී සියදිවි නසාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා. මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල වෙත යොමුකර ඇති බව සඳහන්.