30 C
Colombo
Tuesday, April 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඋත්තර පත්‍ර පරීක්ෂාවට ගුරුවරු ලෑස්තියි

උත්තර පත්‍ර පරීක්ෂාවට ගුරුවරු ලෑස්තියි

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ඕනෑම මොහොතක ආරම්භ කිරීමට සූදානම් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාර්ලින් පැවසීය.

ඔහු පැවසුවේ ඒ සඳහා මේ වනවිට ගුරුවරුන් 12,000ක් කැමැත්ත පළ කර ඇති බවයි.

කෙසේනමුට්ඝ් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නැති බවයි වාර්තා වන්නේ.

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා ගෙවන දීමනාව ප්‍රමාණවත් නොවන බව පවසමින් ගුරුවරුන් උත්තර පත්‍ර පරික්ෂාවෙන් ඉවත් විය.

ඉන් අනතුරුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් වර්ජනයක නිරත විය.