29 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරැවුල ,කොණ්ඩේ වවලා සීසන් එකෙන් යන සිසුන්ට දඹුල්ල ඩිපෝවෙන් අලුත් නීතියක්

රැවුල ,කොණ්ඩේ වවලා සීසන් එකෙන් යන සිසුන්ට දඹුල්ල ඩිපෝවෙන් අලුත් නීතියක්

පාසල් වාර ප්‍රවේශ පත්‍රය ලබා ගෙන ලංගම බස් රථවල ගමන් කිරීම සම්බන්ධයෙන් දඹුල්ල ඩිපෝව විසින් නීති රෙගුලාසි කිහිපයක් පනවා තිබෙනවා.

ඒ, අනුව රැවුල වැවීම, කොණ්ඩය වර්ණ ගැන්වීම ආදී විලාසිතාවලින් හැඩ වී පාසල් වාර ප්‍රවේශපත්‍ර භාවිතා කර ලංගම බස් වල ගමන් කිරීමෙන් වළකින ලෙසයි දඹුල්ල ඩිපෝවේ කළමනාකරු පවසන්නේ.

ඩිපෝව තුළ පාසල් වාර ප්‍රවේශ පත්‍රය ලබා දෙන ස්ථානයේ දැන්වීමක් ප්‍රදර්ශනය කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

එලෙස රැවුල වැවීම, කොණ්ඩය වර්ණ ගැන්වීම ආදී විලාසිතාවලින් සැරසී පාසල් වාර ප්‍රවේශ පත්‍රය යටතේ ලංගම බස් රථයක ගමන් ගන්නේ නම් අදාළ පාසල් වාර ප්‍රවේශ පත්‍රය අත්අඩංගුවට ගැනීමට කොන්දොස්තරවරයාට බලය පවතින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

එලෙස ගමන් කරන සිසුවෙකුගේ පාසල් වාර ප්‍රවේශ පත්‍රය කොන්දොස්තර විසින් ලබා ගතහොත් අදාළ ළමුන් බස් රථයේ ගමන් කිරීමට නම් ප්‍රවේශ පත්‍රයක් ලබා ගත යුතු වනවා.

එමෙන්ම එලෙස නොකර ගමන් ගන්නා සිසුන් ජංගම පරීක්ෂක කණ්ඩායම්වලට හසු වුවහොත් දඩ මුදල් ගෙවීමට ද සිදුවන බවයි ඩිපෝ කළමනාකරු ප්‍රකාශ කර ඇත්තේ.