මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් ඊයේ (25) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගත්තාය.
එහිදී ඇය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තාය.
ඉන් අනතුරුව රුවන්වැලි මහා සෑයද වැඳ පුදා ගත් තානාපතිනිය රුවන්වැලි මහා සෑ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් බැහැ දුටුවාය.