28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ වසරේදී කොරියානු රැකියා 8000ක්

මේ වසරේදී කොරියානු රැකියා 8000ක්

කොරියානු රැකියා සඳහා 6500ක රැකියා කෝටාවක් මේ මෙරටට ලබා දී තිබුණත්, එම සංඛ්‍යාව ඉක්මවා යමින් මේ වසරේදී ශ්‍රමිකයන් 8000ක් කොරියානු රැකියා සඳහා බඳවා ගන්නා බවට කොරියානු මානව සම්පත් දෙපර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂවරයා එකඟතාවය පළ කර තිබේ.

අමාත්‍ය මනූෂ නානායක්කාර සමඟ අද (26) උදෑසන කළ සාකච්ඡාවකදීයි මෙම එකඟත්වය පළ කර ඇත්තේ.

කොරියානු භාෂා ප්‍රවීණතාවය සමත්ව දැනට වෙබ් අඩවිවියේ රැකියා අපේක්ෂාවෙන් සිටින, මේ වසරේ දෙසැම්බර් 31 දිනෙන් වෙබ් අඩවියේ කල් ඉකුත්වීමට නියමිත නිෂ්පාදන අංශයේ රැකියා අපේක්ෂිතයින් අතරින් 600ක් නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු කිරීමට ද මෙහිදී එකගතාවය දැක්වූ බවයි අමාත්‍යංශය පවසන්නේ.

ඒ අනුව වෙබ් අඩවියේ කර්මාන්ත අංශයේ සිට නැව් ඉදිකිරීම් අංශය දක්වා රැකියා අංශය මාරු කිරීමෙන් මෙම රැකියා සඳ හා යොමු කිරීමට නියමිතයි. එසේ නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා මාරුවීමට කැමති රැකියා අපේක්ෂකයින් ඉක්මනින්අයදුම් කළ යුතු වනවා.

ලබන වසරේ සිට ඊ 9 වීසා කාණ්ඩය යටතේ නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා විභාග පවත්වා වෑද්දුම්කරුවන් සහ පින්තාරුකරුවන් 900ක් බඳවා ගැනීමට ද කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව එකගතාවය දක්වා තිබෙනවා.