― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරාජිතට අධි චෝදනා පත්‍රයක්

රාජිතට අධි චෝදනා පත්‍රයක්

රාජිත සේනාරත්න ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව අද (26) අධි චෝදනා පත්‍ර බාර දී තිබෙනවා.

ඒ 2014 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට අඩු මුදලකට බදු දීම තුළින් රජයට පාඩු කළ බවට වන චෝදනාවන්ට අදාළවයි.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අල්ලස් කොමිසම විසින් තමන් වෙත ලබාදිය යුතු ලේඛන සම්පූර්ණ වශයෙන් ලබා දී නොමැති බව සඳහන් කිරීමත් සමඟ මෙම නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයක් සඳහා ජූනි මස 16 වැනිදා කැඳවන ලෙස නියම කර තිබේ.

2014 වසරේදී මෝදර ධීවර වරාය සී ගල්ෆ් යූ.කේ ප්‍රයිවට් ලිමිටඩ් නමැති සමාගම වෙත අඩු මුදලකට බදු දීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් රජයට පාඩුවක් සිදුකළ බව පවසමින් අල්ලස් කොමිසම චෝදනා පහක් යටතේ මෙම අධිචෝදනා පත්‍රය ගොනු කර ඇත.