― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසිනොපෙක් සමඟ ගිවිසුම්ගත වීම මැයි මාසයේදී

සිනොපෙක් සමඟ ගිවිසුම්ගත වීම මැයි මාසයේදී

මැයි මස මැද භාගය වනවිට මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාරය සඳහා සිනොපෙක් සමාගම සමග ගිවිසුම්ගත වීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ගිවිසුම්ගත වී දින 45ක් තුළ අදාළ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට එම සමාගමේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී තීරණය කළ බවයි විදුලිබල අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙහිදී ව්‍යාපාර බලපත්‍ර සහ ගිවිසුමට අදාළ කරුණු, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාල රාමුව පිළිබඳව සාකච්ඡාවට ලක්ව තිබේ.