27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධ 112ක හිඟයක් තියෙනවා - සෞඛ්‍ය ඇමති

ඖෂධ 112ක හිඟයක් තියෙනවා – සෞඛ්‍ය ඇමති

මෙරට භාවිතයට ගන්නා ඖෂධ වර්ග 1,347ක් අතරින් ඖෂධ 112ක් මේ වනවිටත් හිඟ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (27) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

එසේම වෛද්‍යවරුන් රට හැර යාම නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය අඩාල වෙමින් පවතින බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ වෛද්‍යවරුන් රට හැරයාම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් ද පත් කර ඇති බවයි.