― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsTV හා රේඩියෝ බලපත්‍ර දෙන්න අලුත් ක්‍රමයක්

TV හා රේඩියෝ බලපත්‍ර දෙන්න අලුත් ක්‍රමයක්

ගුවන්විදුලි සහ රූපවාහිනී සඳහා වඩාත් විනිවිද පෙනෙන ආකාරයෙන් බලපත් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අද (27) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී ගයන්ත කරුණාතිලක යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

විද්‍යුත් විකාශන අධිකාරී පනත් කෙටුම්පතේ බොහෝ කටයුතු මේ වනවිට අවසන් කර ඇති බව ඔහු පෙන්වා දුන්නා. ලියාපදිංචි කළ රූපවාහිනි නාලිකා 25ක් හා ගුවන් විදුලි නාලිකා 51ක් රට තුළ පවතින අතර ඇතැම් ගුවන් විදුලි හා රූපවාහිනි නාලිකාවලට බලපත්‍ර ලබාදීම් සම්බන්ධයෙන් අවධානය ‍යොමුකිරීමේදී බරපතල විෂමතාවයන් දක්නට ලැබෙන බවයි ඇමතිවරයා සඳහන් කළේ.

කිසිඳු විධිමත් හා ක්‍රමවත් බවක් නොමැතිව බලපත්‍ර ලබාදුන් නාලිකා තිබෙන අතර ඒවා කිසිවකට අප කිසිවෙකු වග උත්තර කරුවන් නොවන බවද ඔහු ප්‍රකාශ කරනවා. ඒ ඒ මොහොතේ ඇතිවූ තත්ත්වයන් අනුව බලපත්‍ර ලබාදීම් සිදුවී ඇති අතර එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇතැයිද ඇමතිවරයා අවධාරණය කළා.