― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපුත්‍රයාගේ මුදල් අවභාවිතය පියාට දිවි අහිමි කරයි

පුත්‍රයාගේ මුදල් අවභාවිතය පියාට දිවි අහිමි කරයි

පුත්‍රයා විසින් තමන් සතු ව්‍යාපාරයේ මුදල් අවභාවිත කිරීම හේතුවෙන් මවක් සහ පියෙකු සිය දිවි හානිකර ගැනීමට ඉන්සියුලින් අධිමාත්‍රාවක් එන්නත් කර ගැනීමේ සිදුවීමක් මරදාන ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙම යුවළගේ දියණය විසින් ඔවුන් දෙදෙනාව පසුගිය 12 වැනිදා කොළඹ ජාතික රෝහළට ඇතුළත් කිරීමෙන් අනතුරුව පියා මියගොස් ඇති බවයි රෝහල් බලධාරීන් පවසන්නේ.

වසර ගණනාවක මෙම යුවළගේ ව්‍යාපාරය වී තිබුණේ සිට්ටු ක්‍රමයට මුදල් හුවමාරු කිරීම ව්‍යාපාරයි.

රුපියල් දෙකකින් ආරම්භ කළ මෙම ව්‍යාපාරය දිනෙන් දින ඉදිරියට පැමිණ ඇති අතර වසර 25කට අධික කාලයක් ඔවුන් මෙම ව්‍යාපාරයේ නිරත වි
මාස තුනකට පමණ පෙර සැමියා පිළිකා රෝගයකට ලක්වීම හේතුවෙන් බිරිඳට මෙම මුදල් එකතු කිරීමේ කටයුතු බාර දී තිබූ බවයි වාර්තා වෙන්නේ.

පස් දරු මවක් වූ ඇය, ඇගේ එක් පුතෙකු එම ව්‍යාපාරයේ මුදල් එකතු කිරීමේ කටයුතුවලට එක් කර ගැනීමට පියවර ගෙන තිබූ අතර අධික ලෙස සුදුවට ඇබ්බැහිව සිටි එම පුත්‍රයා ව්‍යපාරයෙන් මුදල් සුදුවට යොදවා ඇති බය අනාවරණය වී තිබෙනවා.

පසුව සිය මුදල් ඉල්ලමින් නිවසට පැමිණි පුද්ගලයින් මෙම යුවළට පරුෂ වචනයෙන් බැනීම හේතුවෙන් ඔවුන් මානසික පීඩාවකට ලක් වී සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉන්පසුවයි ඔවුන් දෙදෙනා විසින් විස්තර සහිතව ලිපියක් ලියා දෙදෙනාම ඉන්සියුලින් අධිමාත්‍රාවක් ශරීර කරගෙන ඇත්තේ.