31.7 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකල්ඉකුත් වූ කඳුළු ගෑස් විනාශ කිරීමට නියෝග

කල්ඉකුත් වූ කඳුළු ගෑස් විනාශ කිරීමට නියෝග

පොලිස් ස්ථානවල පවතින කල්ඉකුත් වූ කඳුළු ගෑස් විනාශ කරන ලෙස රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPA) විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.

එහිදී පොලිස්පතිවරයා ඇතුළු ප්‍රධානීහු පෙන්වා දුන්නේ කඳුළු ගෑස් කිසිවිටෙකත් භාවිතා නොකරන බවත් ඒවා අපහරණය කිරීමේ ක්‍රියාදාමය ආරම්භ කර ඇති බවත්ය.

එසේම කඳුළු ගෑස් මහජන කැරලි කෝලහල පාලනයේදී ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව යොදා ගැනීම සම්බන්ධයෙන්ද වාර්තාවක් සකස් කර ඉදිරිපත් කරන ලෙස කෝපා කමිටු සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය.