― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනිෂ්පාදකයින්ගේ එකඟතාවය මත දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල පහත හෙලීම මැයි...

නිෂ්පාදකයින්ගේ එකඟතාවය මත දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල පහත හෙලීම මැයි මස අගදී – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල පහත හෙලීමට නිෂ්පාදකයන් එකගත්වය පළ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඩොලරය අවප්‍රමාණය වීමට සාපේක්ෂව අමුද්‍රව්‍ය මිල පහළ යාමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම එකඟතාව පළ වූ බවයි. පසුගිය මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණ විය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාවහන් සහ බෑග් නිෂ්පාදකයන්ගේ සහභාගීත්වෙන් පැවති මෙම සාකච්ඡාවේ දී අමාත්‍යවරයා කියා සිටියේ ඩොලරයේ මිල ඉහළ යාමට සාපේක්ෂව ඉහළ ගිය භාණ්ඩ මිල ඩොලරය අවප්‍රමාණය වූ අවස්ථාවේ දී පහළ නොගිය බවයි. මේ තත්ත්වය හේතුවෙන් මාපියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව කියා සිටි අමාත්‍යවරයා සඳහන් කළේ මිල අඩු නොකරන්නේ නම් වෙනත් විකල්ප කරා යාමට රජයට සිදු වන බවයි.

බෑග් සහ සපත්තු දැනට ආනයනය තහනම් ලැයිස්තුවට ඇතුළත් කර ඇති බැවින් දේශීය නිෂ්පාදකයන්ට විශාල වෙළෙඳපොළක් නිර්මාණය වී ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. එබැවින් හැකි අවම මිලක් යටතේ සිය නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ය. අදාළ ඉල්ලීම සැලකිල්ලට ගත් ව්‍යාපාරිකයන් මිල පහත හෙලීමට හැකි බව සඳහන් කළ අතර එක කුමන ප්‍රතිශයකින් පහත හෙලන්නේ ද යන්න පිළිබඳ මැයි මස 23 දා නිල වශයෙන් දැනුම් දෙන බව ද කියා සිටියේ ය.