― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsමෙරට උද්ධමනය තවත් අඩුවෙයි

මෙරට උද්ධමනය තවත් අඩුවෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව අප්‍රේල් මාසයේ උද්ධමනය 35.3%ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එම දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය 50.3%ක් ලෙස වාර්තා වී තිබුණි.

ආහාර කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේ දී 50.3%ක් වූ අතර එය අප්‍රේල් මාසයේ දී 30.6%ක් දක්වා අඩුවී තිබේ.

ආහාර නොවන කාණ්ඩයේ 51.7%ක් වූ මාර්තු මාසයේ උද්ධමනය අප්‍රේල් මාසයේ දී 37.6%ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.